කෘෂි-තාක්ෂණය සහ ආහාර ස්වෛරීභාවය
දේශීය පාරම්පරික බීජ, නවීන බිංදු ජල සම්පාදනය සහ අතරමැදියන්ගෙන් තොර ඩිජිටල් ගොවි වෙළඳපොළ.
ගොවි බිමේ ආර්ථික නිදහස
ශ්‍රී ලාංකීය ශ්‍රම බලකායෙන් තුනෙන් එකක් පමණ කෘෂිකර්මාන්තයේ නියැලී සිටියද, ණය බර, දේශගුණික නියඟ සහ අතරමැදි වෙළඳ මාෆියාවන් හේතුවෙන් ගොවියා නිරන්තර පීඩාවට පත්වේ. අනෙක් අතට අනවශ්‍ය රසායනික භාවිතය හේතුවෙන් පස නිසරු වී වකුගඩු රෝග ඇතුළු සෞඛ්‍ය අර්බුද නිර්මාණය වී ඇත.
නේචර් වීව් ෆවුන්ඩේෂන් අපගේ අරමුණ වන්නේ ගොවිතැන අවදානම් රැකියාවකින් මුදාගෙන, තාක්ෂණය හා පරිසර හිතකාමී ක්‍රමවේද මුසු වූ ලාභදායී ගෞරවනීය වෘත්තියක් බවට පත් කිරීමයි.
උපායමාර්ගික ප්‍රමුඛතා
1. දේශීය පාරම්පරික බීජ බැංකු
වාර්ෂිකව විදේශ විනිමය වැය කර ගෙන්වන හයිබ්‍රිඩ් බීජ වෙනුවට, අපගේ ඉපැරණි දේශීය ධාන්‍ය සහ එළවළු බීජ රැකගෙන ගොවීන් අතර නොමිලේ හුවමාරු කිරීම. මෙම බීජ ස්වභාවිකවම රෝගවලට ඔරොත්තු දෙන අතර පෝෂණ ගුණයෙන් ඉහළය.
2. සූර්ය බල බිංදු ජල පද්ධති
ජල හිඟයෙන් පීඩා විඳින වියළි කලාපයේ ගොවීන්ට පසේ තෙතමනය මැන බලා අවශ්‍ය ප්‍රමාණයට පමණක් ජලය සපයන ස්වයංක්‍රීය සූර්ය බිංදු ජල පද්ධති හඳුන්වා දීම.
3. අතරමැදි මාෆියාව නැති කිරීමේ ඩිජිටල් ක්‍රමවේදය
සාමාන්‍ය වෙළඳපොළේදී ගොවියාගේ අස්වැන්නෙන් 40%ක් නාස්ති වන අතර ලාභයෙන් වැඩි කොටස අතරමැදියා සතු වේ. NVF සෘජු ප්‍රවාහන හා ඩිජිටල් ජාලය හරහා ගොවි සමිති නගරයේ නිවාස සංකීර්ණ, රෝහල් සහ සුපිරි වෙළඳසැල් සමඟ සෘජුව සම්බන්ධ කෙරේ.
මෙම ක්‍රියාකාරී ක්ෂේත්‍රයට දායක වන්න
ඔබගේ පරිත්‍යාගය මෙම වැඩසටහන වෙත පමණක් සෘජුවම යොදවනු ලැබේ.
ක්‍රියාකාරී ව්‍යාපෘති 4 Programs
පසට ගැළපෙන දේශීය බීජ බැංකු
සුවඳැල්, කළු හීනටි, පච්චපෙරුමාල් වැනි වියළි කලාපයේ නියඟයට ඔරොත්තු දෙන සහ කෘමිනාශක අනවශ්‍ය දේශීය පාරම්පරික වී සහ එළවළු බීජ ප්‍රචලිත කිරීම.
නිරවද්‍ය කෘෂිකර්මය සහ IoT ජල සම්පාදනය
ගොවීන්ගේ ජල නාස්තිය 50%කින් අඩු කරන සූර්ය බල බිංදු ජල පද්ධති සහ පසේ තෙතමනය මනින ස්වයංක්‍රීය සංවේදක ලබාදීම.
ගොවියා සහ පාරිභෝගිකයා සෘජුව යා කරන ඩිජිටල් වෙළඳපොළ
අතරමැදි ජාවාරම්කරුවන් ඉවත් කරමින් ගොවියාට සාධාරණ මිලකුත්, පාරිභෝගිකයාට අඩු මිලට නැවුම් එළවළුත් ලැබෙන ජංගම යෙදුම් පද්ධතියක්.
විෂෙන් තොර ආහාර තත්ත්ව සහතිකය
අධික රසායනික භාවිතය පාලනය කරමින් සහතික ලත් පිරිසිදු ආහාර නිෂ්පාදනය සඳහා ප්‍රජා මූලික රසායනාගාර පරීක්ෂණ ක්‍රමවේද හඳුන්වාදීම.
නේචර් වීව් ෆවුන්ඩේෂන්
Reg No: FL-27101Based at No. 37/1, Wellawaya Road, Buttala. We invite researchers, community elders, and technical partners to contribute expertise.